ඇමති හැරිසන්ගේ සහෝදරයා ලේකම්වරයෙකුට ඇඟිලි කැඩෙන්න ගැහුවලු

නියඟයෙන් පීඩා විදින මහවිලච්චිය ප්‍රදේශයේ  ජනතාවට පානීය ජලය බවුසර් දෙකක් ලබාදීම සම්බන්ධයෙන් කථාබස් කර ගැනීමට ගිය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ආර්. ඉෂාක් මහතාගේ සම්බන්ධීකරණ ලේම්වරයාට අනුරාධපුර බටහිර ආසන සංවිධායක අමාත්‍ය පී.හැරිසන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා (සහෝදරයා) හා ගෝලයන් පිරිසක් පසුගිය 6 වැනිදා අමානුෂික ලෙස පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මහවිලච්චිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.



කැකිරාව පොලිස් වසමේ කලාවැව ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ආර්. ඉෂාක් මහතාගේ සම්බන්ධීකරණ ලේකම් අංක 136/ඒ ධාතුසේනපුර, විජිතපුර කලාවැව ලීපීනයේ පදිංචි එම්.ඒ.එම්, ම්න්හාජ් (39) මහතා පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. පානීය ජලය බෙදාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම් සදහා පසුගිය හයවැනිදා දිනයේ මහවිලච්චිය ඇන්දත්කල්ල විහාරස්ථානයට ගිය අවස්ථාවේ හැරිසන් අමාත්‍යවරයාගේ සහෝදරයා හා තවත් හයදෙනකු සම්බන්ධීකරණ ලේකමිවරයාට පහරදී තිබේ.

අතින් පයින් හා පොලුවලින් පහරදීම නිසා ඒ මහතාගේ දකුණු අතේ ඇඟිල්ලක අස්ථි බිදීම නිසා ඇඟිල්ලට අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ශල්‍යකර්මයක්ද සිදුකර තිබේ. මන්ත්‍රී සම්බන්ධීකරණ ලේකම්වරයාට පහරදුන් අමාත්‍යවරයාගේ සහෝදරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත්ද යන්න සමිබන්ධයෙන් මහවිලච්චිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතාගෙන්ම දුරකථනයෙන් කළ විමසීමකදී  ''මම දෙපාර්ශ්වයම පොලිසියට ගෙන්නුවා, සිදුවූ වරද පිළිබදව දෙපාර්ශ්වය කතාබස් කර සමතයකට පත්වුණා'' යැයි පැවසුවේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment