පළමු සුළං විදුලි බලාගාරය චීන්නු ගලවා දමයි?


ලංකාවේ ඉදිකරණ ලද පළමු සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

ඒ හම්බන්තොට, මාගම්පුර වරායේ ඉදිකර තිබූ අදාළ බලාගාරය එම වරාය වසර 99ක කාලයකට චීන සමාගමකට බදු දීමත් සමඟ එය තවදුරටත් එහි පවත්වාගෙන යන්නේ නම් ඒ සඳහා බදු ගෙවිය යුතු බව චීන සමාගම විදුබල මණ්ඩලයට දන්වා තිබීම නිසාය.

මේ බලාගාරයෙන් මෙගා වොට් 35ක විදුලි බලයක් නිෂ්පාදනය කරනු ලබයි.

එම තත්ත්වය හේතුවෙන් මේ විදුලි බලාගාරය මාගම්පුර වරායෙන් ගලවා හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ පිහිටි සූර්ය ශක්ති විදුලි බලාගරයට ගෙනයාමට සූදානම් වන බව පැවසේ.

ඉතිරිවන ශේෂය ළමයින්ගේ අධයාපන කටයුතු සඳහා ප්‍රදර්ශන ස්ථානයක් ලෙස භාවිතා කිරීමට සූදානම් වන බවද මේ අතර වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment