විගී අලුත් පක්ෂයක් හදන ලකුණු.


නව දේශපාලන පක්ෂයක් බිහිකිරීම සම්බන්ධව තවම තීරණයක් ගෙන නොමැති නමුත් තමන්ට එළඹෙන පළාත් සභා මැතිවරණයකදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යධුරය සඳහා ඉදිරිපත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත් වනබව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සඳහන් කරයි.

ද්‍රවිඩ සන්ධානය දෙකඩ කිරීමට තමන්ට අදහසක් නොමති බවත් තමන් කටයුතු කරන්නේ පක්ෂයේ පවතින අඩුපාඩු පෙන්වාදෙමින් සහ ජනතාවගේ ඉල්ලීම ඉදිරියෙන් තබා බවත් සඳහන් කරන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කෙසේ වුවත් ද්‍රවිඩ සන්ධානය පක්ෂ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන්නේද යන්න සම්බන්ධව ප්‍රශ්නයක් තිබෙන බවද සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර ඒ පසුගියදා ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම.ඒ.සුමන්තිරන් සිදුකල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්ය.

එහිදී සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ සී.වී.විග්නේෂ්වරන්ට නැවත උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යධුරය ලබාදීමට අදහසක් නොමැති බවය. එසේම මෙවර ඔහු එම ධුරය ලබාගත්තේද වසර දෙකක් සඳහා පමණක් බවත් එවනි පසුබිමක යළිත් ඊට අවස්ථාව ලබාදීම සුදුසු නොවන බව ද්‍රවිඩ සන්ධානයේ අදහස බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment