
මේරි කොම් හමුවේ අනුෂා කොඩිතුවක්කු අවසන් පූර්ව වටයේදී පරාජය වුවද අනුෂා කොඩිතුවක්කු හට ලෝකඩ පදක්කම හිමි වීමත් සමඟ මෙරට බොක්සිං ක්‍රීඩා ඉතිහාසයට නව පරිච්ජේදයක් එක් කරමින් ඉතිහාසයේ පළමු පොදු රාජ්‍ය මණ්ඩලීය බොක්සිං පදක්කම දිනා දීමට ඇයට හැකි විය.
ශ්‍රී ලංකා පදක්කම් සටහන ඉදිරියට ගෙනයාම වෙනුවෙන් ඇයට www.lankanewsweb.net අපගේ සුභ පැතුම්.
2016 සාග් ක්‍රීඩා උළෙලේදී ඉන්දියාවේ මේරි කොම් හමුවේ අනුෂා කොඩිතුවක්කු පරාජය වූ අතර එම සටනින් අනුෂා පාදයේ ආබාධයකට මුහුණ දුන්නේය. ඇය එදා පෙරළා දිවයිනට පැමිණියේ රෝද පුටුවකින්ය. එදා මේරි කොම් ක්‍රීඩා නීති උල්ලංඝනය කරමින් ජයග්‍රහණය ලබා ගෙන තිබුණද නැවතත් ඇයට අනුෂා බොක්සිං වළල්ලේදී අද මුණ ගැසිණි. ක්‍රීඩාවේ විශේෂත්වයත් එයයි.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment