නියෝජ්‍ය කතානායක ධුරය මුජිබර් රහුමාන්ට?


මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස පත් කිරීමේ යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බහුතරයේ ද සහය මේ වන විට හිමිව ඇති බව සඳහන්.

එමෙන්ම ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකගේ සහයද ලැබීමට නියමිත බවත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා තිලංග සුමතිපාල මහතා සක්‍රීය ලෙස මැදිහත් වූ හෙයින් එය නියෝජ්‍ය කතානායක ධුරය දරන්නෙකුට සුදුසු නොවන බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද එම කණ්ඩායම සූදානමින් සිටින බව සඳහන්.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment