ශ්‍රීලංකන් ඉතිහාසයේ වැඩිම වාර්ෂික ආදායම වාර්තා කරයි.


2017/18 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන්සේවය රුපියල් බිලියන 126.9 ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 830.7 ක ආදායමක් වාර්තා කර ඇති බව නිවේදනය කර සිටී. මෙය ශ්‍රීලංකන් ගුවන්සේවයේ වසර 38 ක ඉතිහාසය තුළ වාර්තා කරන ලද වැඩිම වාර්ෂික ආදායම වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන්සේවය වැඩිදුරටත් කියා සිටින්නේ Gan Islands, Hyderabad හා Melbourne වැනි නව ගමනාන්තයන් හා අතිරේක ගුවන් වාර, මෙලෙස ආදායම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බල පෑ බවයි.

මේ අතර ශ්‍රීලංකන් ගුවන්සේවයේ භාණ්ඩ ප්‍රවාහන අංශය ද රුපියල් බිලියන 14.7 ක ආදායමක් පසුගිය මූල්‍ය වර්ෂය වෙනුවෙන් වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රීලංකන් ගුවන්සේවයේ නව සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, 2018 වසරේ මුල් මාස 03 ට පමණක් ශ්‍රීලංකන් ගුවන්සේවය වාර්තා කර ඇති අලාභය ඩොලර් මිලියන 100 ඉක්මවා ඇති බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment