සමෘද්ධි හා කම්කරු එජාපය ඉල්ලයි.


ඉදිරියේදී සිදුකිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හිමිව තිබූ සමෘද්ධි හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යධුරය හා කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යධුරය එක්සත් ජාතික පක්‍ෂයට ලබාදෙන ලෙස එම පක්‍ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.

සමෘද්ධි හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යධුරය හොබවනු ලැබුවේ එස්.බී. දිසානායක මහතා විසින් වන අතර කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යධුරය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා විසින් දැරීය.

මෙම අමාත්‍යධුර දෙකේ වැඩ බැලීම සඳහා මලික් සමරවික්‍රම මහතා පවරා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget
Shares
FacebookXPinterestEmailSumoMe