ගිනිගත්හේනේ නිවසකින් අභිරහස් ලෙස මියගිය අයෙකු හමුවේ



ගිනිගත්හේනේ නිවසකින්
අභිරහස් ලෙස මියගිය අයෙකු හමුවේ


ගිනිගත්හේන, රංජුරාව, හත්ලාහ ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරක් ගිනිගත්හේන පොලීසිය මගින් ඊයේ (18) රාත්‍රී සොයාගෙන ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ, ගිනිගත්හේන, රංජුරාව, හත්ලාහ ප්‍රදේශයේ පදිංචිව සිටි, පණස්නව හැවිරිදි සුනිල් වනිගසේකර දිසානායක නැමති විවාහක පුද්ගලයෙකි.
මිය ගිය අය ඔහු පදිංචිව සිටි නිවසේ පුටුවක් මත
මියගොස් සිට ඇති අතර

ඔහුගේ වැළමිට ප්‍රදේශයේ සීරීම් තුවාලයක් ඇති බවත්,  ආරවුලක් ඇතිවූ බවට නිවසේ ගෘහ භාණ්ඩ තැන තැන විසිරී තිබුණ බවත් පොලීසිය පවසයි.
නිවසේ විදුලි පහන් දින කීපයක් නෙනවත්වා දැල්වී තිබීම පිළිබඳව සැක සිතූ අසල්වාසීන් ගිනිගත්හේන පොලීසියට දැන්වීමෙන් පසුව මෙම මළ සිරුර හමුවී ඇත.
මිය ගිය අය වසර කීපයකට පෙර ඔහුගේ බිරිඳගෙන් වෙන්ව තනිව ජීවත්ව ඇති බව පොලීසිය පවසයි.
මළ සිරුර පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය හැටන් මහේස්ත්‍රාත්වරයා විසින්   අද (19) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබුණි. ගිනිගත්හේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.










(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment