තනි අාණ්ඩුවක් හදලා බලමු - සුසිල්


හැකිනම් තනි ආණ්ඩුවක් නිර්මාණය කර පෙන්නවන ලෙසත් එවිට ඒ ගැන බලාගන්නා බවත් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විවාදයේදී ඉතාමත් උණුසුම් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. ඔහුගේ කතාවට ආණ්ඩු පක්ෂයෙන් දැඩි බාධාවක් එල්ල කරමින් තිබේ.

"රිලව නටනකොට මිනිස්සු කලබල වෙන්නේ නෑ. අහිකුණ්ඨකයෝ පොල්ල වනන කොට නටන රිලව් නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. තනි ආණ්ඩුවක් හදන්න හදනවා හදලා බලමු. අද කෝ ජනවරම. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙරාතුව ලේකම්වරු දෙදෙනා ඉවත් නොකළානම් අද එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ නැති බව ජනපතිවරයාම පවසා තිබෙනවා.

අපි හොරකම් කළේ නෑ. මේ වැරදි හදා ගන්න අවස්ථාවක්. අපි පිං ඇමතිවරු නෙමෙයි. අපි වගකියන්නේ ජනතාවට.අපි පිංගුත්තරයින් නෙමෙයි. අපි ජනවරම රකින්න ඇදත් හෙටත් පෙනී සිටිනවාත අපිට ජිවත්වෙන්න ක්‍රමයක් තිබෙනවා. අපි අභියෝගකරනාව අපේ ගිණුම් බල්න්න. හැම එකක්ම ඕඩී. ලංකා බැංකුවෙන් ණයක් අරගෙන හදාගත්ත ගෙදර තවත් ඉන්නේ.

කැබිනට් එකේ කතාකරන කොට හතර පහක් නැගිටලා අපේ හඩ යටපත් කළා.  ඉවසගෙන හිටියේ පක්ෂයේ සභාපති ජනාධිපති නිසයි. ස්ථාවර ආණ්ඩුවක් හදන්න අපි සහාය දෙනවා."

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment