ආණ්ඩුව අස්ථාවර කරන්න අපි එකඟ නැහැ

ආණ්ඩුව අස්ථාවර කරන්න අපි එකඟ නැහැ

පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය. ජාතික වශයෙන් වැදගත් අවස්ථාවක මුහුණ දෙන මෙම විශ්වාසභංග යෝජනාවේ චේතනාව වටහා ගත යුතු බව හකීම් මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූ අමාත්‍ය රවුෆ් හකීම් මහතා,

විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වීමෙන් පසු දේශාලන විචාරකයන්, මාධ්‍ය ඇතුළු පාර්ශව දෙමළ ජාතික සන්ධානයේ හා මුස්ලිම් කොංග්‍රසයේ තීන්දුව දෙස නොයෙක් අනාවැකි පළ කරමින් පුවත් පළ කළා. අපි මොකද කරන්නේ කියන එක ගැන තමයි බලාගෙන හිටියේ. රටේ වෙන දේවල් ගැන අපිට අදහසක් තියෙනවා. මිනුම් දණ්ඩක් තියෙනවා. දේශාපාලන වුවමනාවන් වැටහෙනවා. ඒ නිසා අපිට තීන්දු තීරණ ගන්න පුළුවන්. දින 100 සමයේත් විශ්වාසභංගය ගෙනාවා. පාර්ලිමේන්තුව විසුරුවා හරිය නිසා ඉන් වැඩක් වුණේ නැහැ. දැන් බැඳුම්කර ගනුදෙනුව ගැන ජනාධිපති විමර්ශන කොමිසම පාදක කරගෙන විශ්වාසභංග යෝජනාව ගෙනත් තිබෙනවා. මෙහි තියෙන්නේ අගමැතිවරයා ඉලක්ක කර ගෙන ගෙනාපු විශ්වාසභංග යෝජනාවක් නෙවෙයි. මේක ගෙනාවේ ආණ්ඩුව අස්ථාවර කරන්න. අගමැතිවරයා මෙතන සංකේතයක් විතරයි.

මේකෙන් වෙන මොකුත් වෙන්නේ නැහැ. තවත් ආණ්ඩුව ශක්තිමත් වෙනවා. මේ වෙද්දී මේ විශ්වාසභංග යෝජනාව අගමැතිවරයාට විශ්වාසය පළකරන යෝජනාවක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ.

තවත් කාරණයක් තමයි මේ විශ්වාසභංග යෝජනාවට මහනුවර ගැටුම සම්බන්ධ කරලා තියෙනවා. එම සිදුවීම්වලින් මුස්ලිම් ජනතාවට සිදු වුණ හානිය, වේදනාව පවා දේශපාලන වාසියක් ලබා ගන්න යොදාගෙන තියෙනවා. එය මම තරයේ හෙළා දකිනවා. ඒ අවස්ථාවේ නීතිය ක්‍රියාත්මක වීම ගැන ප්‍රශ්න තිබුණා. නමුත් ඉන් දේශපාලන වාසි ගැනීම ප්‍රතික්ෂේප කරනවා.

මේකට මහින්ද රාජපක්ෂ මහත්මයවත් අත්සන් කරලා නැහැ. විමල් විරවංශ මහත්මයා කියනවා ඒ ගැන කියා කියා ආතල් එකක් ගන්න කියලා. මෙතන ආතල් එකට එහා ගිය දෙයක් තියෙනවා. මේකෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කල්ලි තුනකට බෙදිලා."

ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව සම්බන්ධව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ හෝ කෝප් වාර්තාවෙන් අගමැතිවරයා වරදකරුවෙක් කර නොමැති හෙයින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙන්නේ කෙසේදැයි සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය ආරම්භ කරමින් සභාවෙන් ප්‍රශ්න කළේය. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පුස්සක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,

"අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය බාරගත් විට කෝප් කමිටු වේ සභාපති ධුරය ලබා දුන්නේ විපක්ෂයට. යහපාලන ආණ්ඩුව කෝප් කමිටුවේ සභාපති කළේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. අලුත් ආදර්ශයක් දුන්නා. ආණ්ඩුවට හංගන්න දෙයක් නෑ කියන අරමුණ තිබුණා. බැදුම්කර වාර්තාවේ අගමැතිතුමාගේ නම සඳහන් නෑ. කෝප් වාර්තාවේ නම සඳහන් වෙන්නේ නැත්නම් කොහොමද විශ්වාස භංගයක් ගේන්නේ? ජනාධිපති කොමිෂමෙන්වත් අගමැතිවරයාගේ නම සඳහන් නෑ. මේ විශ්වාසභංග යෝජනාව පුස්සක්. අගමැතිවරයා කෝප් වාර්තාවෙන් හෝ ජනාධිපති කොමිෂමෙන් වැරදිකරුවෙකු කර නෑ. අගමැතිතුමා,කොහේද වැරදිකරුවෙක් කර තිබෙන්නේ. අගමැතිතුමා සිදුවීමට කිසිසේත් සම්බන්ධ නැහැ".

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment