
මෙම රැස්වීමේදී ඇමතිවරුන් බහුතරයක් ප්‍රකාශ කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාස භංග යෝජනාවට සහාය දෙමින් අගමැතිවරයා පරාජය කිරීම යනු ආණ්ඩුව පරාජය කිරීමක් බැවින් තවදුරටත් තමන්ට ඇමතිධූර දැරීමට සදාචාර අයිතියක් නොමැති බවයි. මේ සඳහා රැස්වීමට සහභාගි වූ ඇමතිවරුන් බහුතරයක් එකඟ වී තිබේ.
යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධූරයෙන් ඉවත්වීමට සිදුවුවහොත් ශ්‍රීලනිපය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැතිධූරයට පත්කොට නව ආණ්ඩුවක් ගොඩනැගීමේ බලාපොරොත්තුවෙන් සිටී. ඒ අනුව ඇමතිවරුන් සියලු දෙනා යෝජනා කර ඇත්තේ අනාගත අගමැතිවරයා වශයෙන් නිමල් සිරිපාල පළමුව ඇමතිධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. එම ක්‍රියාව අනුගමනය කරමින් සෙසු ඇමතිවරුන්ද සිය ඇමතිධූර අත්හැරිය යුතු බවට යෝජනා වී ඇත.
මින් කලබලයට පත් වූ නිමල් සිරිපාල ඇමතිවරයා, 'බෑ...බෑ... මට නං ඉල්ලා අස්වෙන්න බෑ. ඕන කෙනෙක් ඉල්ලා අස්වෙන්න, මම නං ඉල්ලා අස්වෙන්නෙ නෑ' යනුවෙන් පවසා තිබේ. ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී එයාර්ලයින් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බැවින් එම ඩීල් එක අවසන් වනතුරු කෙසේ හෝ ඇමතිධූරය රැකගත යුතු බවයි.
සිය බිරිඳ විසින් අල්ලස් කොමිසම හමුවේ ගොනුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සිහිපත් කරමින් නිමල් සිරිපාල ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ 'මේ වෙලාවෙ ඇමතිකමත් නැතිඋනොත් මම බෙල්ල මුලටම හිර වෙනවා. එහෙම උනොත් කොහොමද මම ආයෙ දේශපාලනය කරන්නෙ' යනුවෙනි.
එවිට සෙසු ඇමතිවරුන් නිමල් සිරිපාලගෙන් අසා ඇත්තේ අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිතා කර තවදුරටත් රෙද්දක් ඇඳගෙන ආණ්ඩුවේ රැඳී සිටින්නේ කෙසේද කියාය. එයට පිළිතුරු දෙමින් නිමල් සිරිපාල පවසා ඇත්තේ 'ටික දවසක් යනකොට ඕක ගාණක් නැතිවෙයි. මොකුත් උනේ නෑ වගේ හිටියම ඉවරයි නෙ' කියාය.
ටී.බී. ඒකනායක මහතා පවසා ඇත්තේ තමාට ඕනෑම මොහොතක සිය ඇමතිධූරය අත්හැරිය හැකි බවයි. කෙසේ වෙතත් විශ්වාස භංග යෝජනාවට අත්සන් තැබූ සුසන්ත පුංචිනිළමේ සහ නිශාන්ත මුතුහෙට්ටිගම ද ඇමතිධූර අත්හැරීම සම්බන්ධයෙන් නොසතුට පළකර තිබේ.
නිමල් සිරිපාල මහතා ඇමතිධූර අත්හැරීම තරයේ ප්‍රතික්ෂේප කිරීමෙන් පසු සෙසු ඇමතිවරුන් රහසේ සාකච්ඡා කර ඇත්තේ 'යකෝ මෙහෙම මනුස්සයෙක් ද අපි මේ ඉස්සරහට අගමැති කරන්න ඉන්නෙ. එහෙම උනොත් නං රටට දෙයියන්ගෙම පිහිටයි' යනුවෙනි.
0 comments :
Post a Comment