ඔහු මේ බව අනාවරණ කරන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ඊයේ (18) පස්වරුවේ හමු වූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ බ්‍රිතාන්‍ය රාජ්‍ය වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තුළද අන්තර්ගත කිරීමට කටයුතු කරන බව ලියම් ෆොක්ස් මහතා ප්‍රකාශ කරයි.
මෙම හමුවේදී අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව තුළ විදේශ ආයෝජනවල වර්ධනයක් ඇතිව තිබෙන අතර සංචාරක ක්ෂේත්රයේද සුවිශේෂී ප්‍රගතියක් අත්පත් කර ගෙන තිබෙන බවයි. අන්තර්ජාතික ප්‍රජාව සමඟ මිත්‍රත්වය ගොඩනගා ගෙන ඇති මිත්‍රශීලි විදේශ ප්‍රතිපත්තිය තුළින් මව්බිමට විශාල ජයග්‍රහණ රැසක් උදාකර ගැනීමට හැකිවී තිබෙන බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.
මෙරට නව ආයෝජන අවස්ථා පිළිබඳ පැහැදිලි කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ විදුලි බල උත්පාදන ක්ෂේත්රය සම්බන්ධයෙන් රජය වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. එමෙන්ම කෘෂිකාර්මික හා පශු සම්පත් ක්ෂේත්රය පිළිබඳවද ප්‍රමුඛතාවක් ලබා දෙන බවට ජනාධිපතිවරයා අවධානය යොමු කර ඇත.
වෙළෙඳ සහ නව ආයෝජන අවස්ථා පුළුල් කර ගනිමින් දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව එම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබේ.
මේ අතර බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු සභික බාරෝන් නෙස්බි සාමිවරයාද ජනාධිපතිවරයා මුණගැසී ඇත.
ශ්‍රී ලංකාව තුළ කරගෙන යන සංහිඳියාව ප්රතිසන්ධාන වැඩපිළිවෙල අගය කරන සාමිවරයා පශ්චාත් යුධ සමයේ ශ්‍රී ලංකාව ඉටුකරමින් සිටින කාර්යභාරය ලොව සෙසු රටවලට සාපේක්ෂව යහපත් මට්ටමක පවතින බවයි. ඒ සම්බන්ධයෙන් නිවැරදි හා ප්‍රමාණවත් තොරතුරු යුරෝපීය රටවලට සහ ජිනීවා වෙත නිසි පරිදි ලැබී නොමැති අතර එම තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමට සහය ලබා දෙන බව ද බාරෝන් නෙස්බි සාමිවරයා සඳහන් කර ඇත.
0 comments :
Post a Comment