හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මේ බව කියා සිටියේ පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය සී.වී.විග්නේෂ්වරන් මහතාට ලබා නොදෙන බවට සිදු කළ ප්‍රකාශය හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ විමසීමේදී මාධ්‍යට අදහස් දක්වමිනි.
එහිදී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
"උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මාධ්‍යට කියල තිබුණා මේ සතිය තුළ අලුත් පෙරමුණක් හදන බවට. ඒක ඇත්තනම් අපි එතුමත් එක්ක කටයුතු කරන්න සූදානම් වෙලයි ඉන්නේ. එම පෙරමුණේ ප්‍රතිපත්ති හා ව්‍යවස්ථාව දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන ආකාරයට සකස් වෙලා තිබෙනවා නම් අපි ඔවුන් සමග සාකච්ඡා කරන්න දැන් වුණත් සූදානම්. දෙමළ ජාතික සන්ධානයෙන් අවස්ථාව නැති නිසා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සී.වී.විග්නේෂ්වරන් මහතාම නැවත කටයුතු කිරීම බොහෝ ජනතාවකගේ අවශ්‍යතාවයක් වගේම ඉල්ලීමකුත් වී තිබෙනවා."
ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය නියෝජනය කරමින් උතුරු පළාත් සභාවේ මන්ත්‍රී ධුර 3ක් ඇති අතර ඔවුන් පිහිටුවා ගෙන ඇති නව පක්ෂය වූ දෙමළ ජාතික විමුක්ති සන්ධානය විසින් පසුගියදා වව්නියාව නගර සභාවේ බලයද හිමි කරගත්තේ දෙමළ ජාතික සන්ධානය පරාද කරමින් තවත් පක්ෂ කිහිපයකගේ සහයද සමගය.
රොමේෂ් මධුෂංඛ - වන්නි
0 comments :
Post a Comment