විශ්වාසභංගයට අත ඉස්සු ශ්‍රීලනිප ඇමතිවරු ඉල්ලා අස් වීමට තීරණය කරයි !

විශ්වාසභංගයට අත ඉස්සු ශ්‍රීලනිප ඇමතිවරු ඉල්ලා අස් වීමට තීරණය කරයි !
ජනාධිපතිවරයා සමඟ ජනාධිපති නිල නිවසේ අද (11) රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරයා සිය ඉල්ලීමට අවසර දුන් බවයි ලක්ෂමන් යාපා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් විපක්ෂයේ හිඳිමින් ජනාධිපතිවරයාට සහය දක්වන බවයි ඔවුන් පවසන්නේ. 
 
ඒ අනුව දයාසිරි ජයසේකර, සුසිල් ප්‍රේමජයන්ත්, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, එස්.බී දිසානායක යන කැබිනට් අමාත්‍යවරු ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ටී.බී. ඒකනායක, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හා සුසන්ත පුංචිනිලමේ යන රාජ්‍ය අමාත්‍යවරුන්ද ලක්ෂ්මන් වසන්ත පෙරේරා, සුමේධා ජී ජයසේන, තාරානාත් බස්නායක, අනුරාධ ජයරත්න යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ද  නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මැති ඇමතිවරු අද මධ්‍යම රාත්‍රියෙන් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙයි.
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment