17 වැඩට නාවොත් වැඩ වරදින ලකුණු !

17 වැඩට නාවොත් වැඩ වරදින ලකුණු !
ඒ අනුව 2018 අප්‍රේල් 17 වන දින හෝ   ඊට පෙර  සේවයට වාර්තා නොකරන පරිවාස,අනියම්, තාවකාලික,ආදේශක, සේවා පැවරුම්,පුහුණු වන හා  කොන්ත්‍රාත් පදනම මත සේවයේ නියුතු සියලු විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින් තම සේවය අතහැර ගියා සේ සලකනු ලබන අතර එමෙන්ම එදිනට සේවයට වාර්තා නොකර, තවදුරටත් වැඩවර්ජනයේ යෙදී සිටින ස්ථිර සේවයේ නියුතු සියලු විශ්ව විද්‍යාල වල අනධ්‍යන කාර්ය මණ්ඩල වල සේවකයන් වර්ජනයේ යෙදී සිටින කාල සීමාව වැටුප් රහිත කාල සීමාවක් ලෙස සැලකීමට 2017-06-07 දින නිකුත් කර ඇති කොමිෂන් සභා චක්‍රලේඛ අංක 890 ප්‍රකාරව කටයුතු කරන බවද අමාත්‍යවරයා දන්වා සිටියි. 
 
මෙම වැඩවර්ජනයේ ප්‍රධානතම ඉල්ලීම වන 35% හිලව් දීමනාව සම්බන්ධයෙන් වර්ජකයන් හා විෂය භාර අමාත්‍ය කබීර් හෂීම් මහතා සමඟ පැවති සාකච්ජා වලදී දෙපාර්ශවයම එය 10% දක්වා අඩු කිරීමට එකඟ වී ඇති අතර ඊට මුදල් අමාත්‍යාංශයද එකඟතාව පළකර ඇතැයි එම නිවේදනයේ දැක්වෙයි. 
 
මේ අතර අනධ්‍යන සේවකයින්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම,පොදු රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම,වැනි සෙසු ඉල්ලීම් පිළිබඳ සලකා බලා සුදුසු විසඳුමක් දීමට අමාත්‍යවරයා විසින් ස්වාධීන කමිටුවක් පත් කිරීමට එකඟ වී ඇත. ඊට අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවද එකඟතාව පළ කර ඇති බවයි එහි දැක්වෙන්නේ.  මෙම තත්ත්වය මත වර්ජකයන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට ආණ්ඩුව මැදිහත් වී ඇති බැවින් අප්‍රේල් 17 වැනිදා සියලු අනධ්‍යන සේවකයන් රාජකාරියට වාර්තා කළ යුතු බව අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි. 
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment