ඩිලාන් - ලක්ෂ්මන් යාපා ඇතුළු පිරිසක් ඒකාබද්ධ විපක්ෂයට

ඩිලාන් - ලක්ෂ්මන් යාපා ඇතුළු පිරිසක් ඒකාබද්ධ විපක්ෂයට
රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ඔවුන් දෙදෙනා සමග තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.
 
ලක්ෂ්මන් යාපා ඇමතිවරයා සඳහන් කරන්නේ අගමැතිවරයා එරෙහිව ඡන්දය භාවිතා කිරීම සඳහා ශ්‍රීලනිපය පැහැදිලි තීන්දුවකට පැමිණ ඇති බවයි. එම මතය වෙනස් වී නොමැති බවත් ඒ අනුව සියලු දෙනා කටයුතු කරනු ඇති බවත් ඔහු පවසයි.
 
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා අද ප්‍රකාශ කළ් විශ්වාස භංග විවාදය සහ ඡන්ද විමසීම වර්ජනය කරන බවයි. කෙසේ වෙතත් එවැනි තීණයකට පක්ෂය පැමිණ නැති බවය ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා පවසයි.
 
විශ්වාස භංග යෝජනාව හේතුවෙන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප පාර්ශ්වය අතර දැඩි මතගැටුමක් ඇති වී තිබෙන අතර එය පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපතිවරයාට ද පාලනය කරගැනීමට නොහැකි වී තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment