ඇමතිකං ගහලා යන පෙරනිමිති පළකළ ඇමති සුසිල්ගේ සැර කතාව


ඇමතිකං ගහලා යන පෙරනිමිති පළකළ
ඇමති සුසිල්ගේ සැර කතාව (video)

අද අගමැතිට එරෙහි විශ්වාංසභංගය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය අතරතුර ඇමති සුසිල් ප්‍රේමජයන්ත සිදු කළ දැඩි විවේචනාත්මක කතාව අනුව පාර්ලිමේන්තුවේ ශ්‍රිලනිප කණ්ඩායම දෙදරා ඇති බව පෙන්නුම් කළ අතර ආණ්ඩුවේ සංයුතිය වෙනසක් සමග පෙරළියක් අද හෙටම සිදුවන බවට පෙරනිමිති පළකළ කතාවක් විය.
ඔහු සිදු කළ කතාවේදී මුල සිටම එජාපය ප්‍රමුඛ රජය විවේචනයට ලක්විය.
හැකිනම් තනි ආණ්ඩුවක් නිර්මාණය කර පෙන්නවන ලෙසත් එවිට
ඒ ගැන බලාගන්නා

බවත් ඔහු කියා සිටියදී ඉතාමත් උණුසුම් තත්වයක් මතුවිය. ආණ්ඩු පක්ෂයෙන් දැඩි බාධාවක් එල්ල කරමින් තිබියදී ඔහු පසුපස හැරෙමින් තමන් සිටි පැත්තේම අයට බැණ වදිමින් කථා කළේය.
ඔහුගේ කතාව අතරතුර ‘පෙට්‍රල් හොරා‘ කියමින් එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කෑගසන්නට විය.

"රිලව නටනකොට මිනිස්සු කලබල වෙන්නේ නෑ. අහිකුණ්ඨකයෝ පොල්ල වනන කොට නටන රිලව් නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. තනි ආණ්ඩුවක් හදන්න හදනවා හදලා බලමු ඔහු වරක් කිව්වේය.

මේ අතර විශ්වාසභංගයෙන් පසු එළැඹෙන සඳුදා (9) නව කැබිනට් මණ්ඩලයක් පත්  කරන බව කැබිනට් මාධ්‍ය හමුවේදී  සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබේ.

අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිත කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරනු ඇති බවත්,  ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ගැටලුවක් ඇති නොවන බවත් ඇමැතිවරයා මෙහිදී කියා ඇත.
සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගිය සති ගණනාවක සිට කැබිනට් රැස්වීමද වර්ජනය කළ බව පැවසිණි. ඔහු අද රනිල්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවටත් ඇතැම්විට පැත්ත මාරු කරනු ඇති බවටත් වාර්තා පළව තිබේ.
ඔහුගේ කතාවේ වීඩියෝව පහතින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment