
පාර්ලිමේන්තුවේ අද (04) පැවැත්වෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් එම පක්ෂයේ මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ මහින්ද රාජපක්ෂ රජයේ දූෂිතයන් ආරක්ෂා කිරීමට අගමැති කටයුතු කිරීමෙන් ඔහු ජනවරම පාවා දුන් බවයි. එසේම විශ්වාසභංග යෝජනාවට තවත් එකතු විය යුතු කරුණු තිබෙන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා,
මෛත්‍රීපාල සිරිසේන කියන්නේ දෙවැනි ජුදාස්
"විශ්වාසභංගයේ අත්සන් 56ක් තිබෙනවා. ඔබතුමාලා දීලා තියෙන එකේ තියෙන්නේ අත්සන් 55යි. පළමු වැනි අත්සන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ. මේ විශ්වාසභංගය ජනාධිපතිවරයාගේ. මහින්ද රාජපක්ෂ මහතාවත් කවුරුවත් විශ්වාසභංගය ගෙනාවේ නෑ. මේ විශ්වාසභංගය ගෙනාවේ පෙබරවාරි මස ඡන්දයෙන් පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහතා. මුලින් කිව්වා අගමැතිට ඉල්ලා අස්වෙන්න කියන්න කියලා. වෙනම 113ක් හදාගන්න පුළුවන්ද කියලා බැලුවා. දූෂිතයො එකතු වෙලා 113ක හදාගන්න හැදුවා. ඒක බැරිවුණා. එතැනින් පස්සේ තමයි විශ්වාසභංගය ආවේ.
මේ රටේ ලොකුම ජනවරම පාවා දීලා තියෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි. රනිල් වික්‍රමසිංහ වගේම ඔහු හොරු රැක්කා. රනිල් වික්‍රමසිංහ මහතා දූෂිතයන් 50ක් ආරක්ෂා කළා නම් මෛත්‍රීපාල සිරිසේන මහතා 50ක් හෝ 51ක් ආරක්ෂා කළා. දූෂණයට එරෙහිව ජනවරම ලැබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතාටයි. එතුමා තමයි දෙවැනි ජුදාස්. තුන්වැනි පාවාදීම කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා.
විශ්වාසභංගය ගෙන ආවේ මෛත්‍රීපාල සිරිසේන සහ ගොඨාභය රාජපක්ෂ කල්ලියයි. විශ්වාසභංගයට වැඩ කළේ ගෝඨාභය කල්ලියයි. මහින්ද රාජපක්ෂ මහතා ලොකුවට වැඩ කළේ නෑ. "
0 comments :
Post a Comment