විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩවර්ජනය අදින් අවසන්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩවර්ජනය අදින් අවසන්

 

ඒ අනුව ලබන 17 වනදා සිට යළි සේවයට වාර්තා කරන බවද ඒ මහතා සඳහන් කළේය.

ඔවුන් එම තීරණයට එළඹියේ තම ඉල්ලීම්වලට අදාළව මූලික වැටුපෙන් 35% ලෙස දැනට ලබා දෙන මාසික හිලව් දීමනාව තවත් 10%කින් වැඩි කරන බවට චක්‍රලේඛනය නිකුත් කිරීම හේතුවෙන් බවයි ඒ මහතා පවසන්නේ.

ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට විෂය භාර අමාත්‍ය කබීර් හෂීම් මහතා එකඟ වූ බවද ඒ මහතා කියා සිටියේය.

17 වැනි දා වට විට සේවය වාර්තා නොකරන අනධ්‍යයන සේවකයන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා මීට දිනකට පෙර වෘත්තීය සමිතිවලට ලිඛිතව දැනුම් දී තිබිණි.

මාසික හිලව් දීමනාව නොලැබීම, භාෂා ප‍්‍රවීණතා දීමනාව ගෙවීම පැහැර හැරීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කරගනිමින් අනධ්‍යන සේවකයන් මෙම වැඩවර්ජනය ආරම්භ කළේය.

ප්‍රදීපා වීරසේකර

 

 

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment