අවුරුද්දට පෙර කැබිනට් සංශෝධන නෑ - වැඩබලන ඇමතිවරු 4 ක් දිවුරුම් දේ


සිංහල අලුත් අවුරුද්දට පෙර කැබිනට් ඇමති සංශෝධන සිදුවන බවට පළවූ වාර්තා මේ වනවිට බොරුවක්වී ඇති අතර එය තවතවත් කල් ගොස් ඇත. ඒ වෙනුවට පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුවන තෙක්
අමාත්‍යවරුන් සිව් දෙනෙකු අද සවස ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබී ය.
ශ්‍රී ලනිපයේ ඇමතිවරුන් සිය ධූර හැරයාමෙන් පුරප්පාඩුවූ ඇමතිධූර 4 ක් සදහා පහත අය පත් කර ඇත.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධුරයේ සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය – සරත් අමුණුගම
අාපදා කළමනාකරණ අමාත්‍ය – රංජිත් සියඹලාපිටිය
ක්‍රීඩා අමාත්‍ය – ෆයිසර් මුස්තාපා
සමාජ සවිබල ගැන්වීමේ හා කම්කරු අමාත්‍ය – මලික් සමරවික්‍රම

මෙම නව අමාත්‍යවරු සිව් දෙනා ඔවුන් දැනට දරණ තනතුරුවලට අමතරව මෙම අමාත්‍ය ධූරවල කටයුතු කරනු ඇති.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment