ඡන්දේ කිට්ටු වෙනකොට මහින්දට ප්ලග් වෙනවා

ඡන්දේ කිට්ටු වෙනකොට මහින්දට ප්ලග් වෙනවා

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන යටතේ රුපියල් ලක්ෂ 30 ක වියදමෙන් කාපට් අතුරා සංවර්ධනය කරන ලද කොහිලවත්ත රණසිංහ මාවත ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයකට එක්වෙමින්ය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මරික්කාර් මන්ත්‍රීවරයා,

“අපි හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට අයින් වෙන්න අවසරය ලබා දෙයි කියලා. කොහොමත් ඒ අයට ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දීලා ආණ්ඩුවේ ඇමතිකම් ගන්න බෑනේ. කොහොමත් ඒ සියළු දෙනාට මහින්ද මහත්තයා ළගට යන්න තමයි උවමනා වෙලා තියෙන්නේ. මොකද ඒ අය හිතනවා ඊළඟ මහ ඡන්දයෙන් ඒ අයට ජයග්‍රහණය කරන්න උවමනා නම් දැන්ම මහින්ද මහත්තයාට සෙට් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ න්‍යාය පත්‍රයේ ඉදලා තමයි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබා දුන්නේත්, ඉතින් ඒ නිසා සිංහල අවුරුද්දට කලින් ඔය ඔක්කොම අයින් වෙලා එතැනට ගිහින් ප්ලග් වෙයි.හැබැයි මහින්ද මහත්තයා ඒ අයව ගනීද කියලා මට සැකයක් තියෙනවා. මොකද හේතුව මහින්ද මහත්තයා කියන්නේ හොඳට තෙම්පරාදු වෙච්ච දේශපානඥයෙක්, ඒ නිසා මේ එන්නේ අවස්ථාවාදීන් කියලා එතුමා දන්නවා. අවුරුදු 03 ක් ඇමතිකම් දරලා, එක එක වරප්‍රසාද අරගෙන මහ ඡන්දය කිට්ටු වෙනකොට එන්නේ මහින්ද මහත්තයාට තියෙන ආදරයට නෙමෙයි තමන්ගේ ඡන්දය දිනා ගන්න කියලා එතුමාට තේරෙනවා ’’යැයි පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment