ඝාතකයන් ගේ විලාපය

ඝාතකයන් ගේ විලාපය
සිරිසේන කුරේ ඔබට මාව මතකද ?
මම ඔබගේ ළමයෙක්
මම සොත්ති උපාලි
ඔබ සහ ගරු ප්‍රේමදාස දුන්
කොන්ත්‍රාත් නිසි ලෙස ඉටු කලා
නමුත් මට මහ පාරේ ගහලා දැම්මා
මට දැන් ශරීරයක් නෑ
මම භූතයෙක්ද ප්‍රේතයෙක්ද ?
මට කියන්න දන්නේ නෑ
 
චන්ද්‍රිකා ඔබට මාව මතකද
මම බැද්දගානේ සන්ජීව
ඔබ කියූ පරිදි මම වැඩ දුන්නා
ගෙවල් ගිනි තිබ්බා
පෙට්‍රල් ඇඟවල්වලට වත් කලා
ඒත් මම ටාගට් එකක් උනේ ඇයි
මගේ කුණු කයෙන් ආත්මය ඉවත් කලා
මම තවමත් නිදහස් නෑ
මට පරණ වැඩ පේනවා
ඔවුන් ගේ විලාපයන් ඇසෙනවා
මට සැනසීමක් නෑ
  
මහින්ද මාව මතකද
මම ඔබගේ සුමිතුරු චණ්ඩි මල්ලී
මට පිට කොටුවේම ගහලා දැම්මා
ඔබ මා නිසා දුක් උනාද ?
ජුලම්පිටිය අමරේ ,මේජර් නෙවිල්
මේ පැත්තේ එයි කියා මා සිතුවා
ඒත් ඔවුන් තවම නෑ
පුතාගේ ලේලිගේ හරඹ නම් දුටුවා
මට පන්චස්කන්ධයක් නෑ
ඒත් වේදනාව දැනෙනවා
ඉවසන්න බෑ
 
අපි ඔක්කොම පාවෙනවා
වරින් වර පිලිස්සී යනවා
පෙර කල පව් වලට විඳවනවා
ඒත් අපට නියෝග දුන් නුඹලා
ඉතා හොඳින් වැජඹෙනවා
 
කර්මය පුනර්භවය
මේවා ඔක්කොම බොරු
කර්මය ගෙවන්නේ අපි විතරයි
උඹලා කර්මයටත් වඩා ඉහලයි
ලැබුනොත් අළුත් කයක්
අපි යලිත් එනවා  උඹලාගේ සේවය​ට
 
අපිට අනාගතයක් නෑ
අපි සදාකාලික දාසයෝ
නුඹලා වෙනුවෙන් පව් කරන
අපි සදාකාලික වහල්ලු
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment