මැයි දිනයේ පෞද්ගලික අංශයට නිවාඩු නැද්ද?



මැයි පළමුවැනිදාට යෙදී ඇති කම්කරු දින නිවාඩුව අවලංගු කර ඒ වෙනුවට මැයි 7 වැනිදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේඳනයේ මෙම නිවාඩුව රජය හා බැංකු
නිවාඩුවක් පමණක් ලෙස

සඳහන්වීම නිසා සේව්‍ය සේවක දෙපක්ෂයට ගැටලුවකට මුහුණදී ඇත.
මැයි දිනය රජයේ වෙළඳ සහ බැංකු නිවාඩු දිනයකි. මෙම නිවාඩුව රජයේ හා බැංකු නිවාඩුවක් පමණක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීම නිසා පෞද්ගලික අංශයේ සේවකයන්ට මැයි 7 වැනිදා නිවාඩු දීම පිළිබඳව අර්බුදයක් මතුවී ඇතැයි වාර්තා වේ. මැයි දිනය වෙසක් සතිය තුළ යෙදී තිබීම හේතුවෙන් එම නිවාඩුව මැයි 7 දිනට යොදමින් ස්වදේශ කටයුතු ඇමැතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කොට ඇත්තේ පසුගිය 10 වැනිදාය. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මැයි දිනය ද පඩි සහිත නිවාඩු දිනයක් වන බවය. එම නිවාඩුව 7 වැනිදාට යෙදෙන බැවින් එදින වෙළඳ නිවාඩුවක් ලෙය සැලකිය යුතු වන බවද එම නිවේදනයේ සඳහන් විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment