ඒ අනුව අද ශ්රීලනිපය විසින් තීරණය කර ඇත්තේ විශ්වාස භංග යෝජනාව සඳහා කිසිසේත්ම විරුද්ධ විය නොහැකි බවයි. මෙම ස්ථාවරයට අද එම පක්ෂය නිළ වශයෙන් පැමිණියද එය මේ වනවිටත් රටම දන්නා කරුණකි.
ශ්රීලනිපයේ ස්ථාවරය වී ඇත්තේ විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අගමැති රනිල් වික්රමසිංහ මහතා සිය ධූරයෙන් ඉවත් වියයුතු බවයි.
ජනාධිපතිවරයා ප්රමුඛ යහපාලන රජයේ සියලු දුර්වලකම්, අසාර්ථකත්වය, පොරොන්දු ඉටු නොකිරීම ඇතුළු සියලු නොහැකියාවන් අගමැතිවරයාගේ කර පිටින් යවා ශ්රීලනිපය අත පිසදමා ගැනීමේ උත්සාහයක නිරත වන අතර එසේම රැවුළත් කැඳත් දෙකම බේරාගැනීම සඳහා අගමැතිවරයා ඉවත් කර ආණ්ඩුව පවත්වාගෙන යාම ශ්රීලනිප ඇමතිවරුන්ගේ කූට උපක්රමය වී තිබේ.
ආණ්ඩුවක අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වීම හරහා පෙන්නුම් කරන්නේ සමස්ත ආණ්ඩුවම විශ්වාස කඩකර ඇති බවයි. ඒ නිසා කිසිසේත්ම සියලු කුණු අගමැතිවරයාගේ කර පිටින් යවා ඇමතිවරුන්ට අත පිසදා ගැනීමට නොහැකියි. එක්කෝ රජය නියෝජනය කරන සියලු මහජන නියෝජිතයන් අගමැතිවරයා ප්රමුඛ රජය ආරක්ෂා කරගත යුතුය, නැත්නම් සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතුය.
ශ්රීලනිපයේ මෙම තීරණය හෙට (03) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී නිළ වශයෙන් දැනුම් දීමට නියමිත අතර ඒ අනුව හෙට කැබිනට් රැස්වීම අතිශය උණුසුම් මුහුණුවරක් ගනු ඇත.
0 comments :
Post a Comment