මේ අතර අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ මතය අද (02) ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ අමාත්‍යවරුන් පසුගිය දිනවල ප්‍රකාශ කළ අතර එහෙත් මේ වනතෙක් පක්ෂයේ නිළ මතය ප්‍රකාශයට පත්ව නොමැත. කෙසේ වෙතත් පසුගිය දිනවල පැවති උත්සවවලදී සහ මාධ්‍ය හමුවලදී ශ්‍රීලනිප ඇමතිවරුන් බහුතරයක් ප්‍රකාශ කළේ විශ්වාස භංගයට පක්ෂවීමට සිදුවන බවයි.
කෙසේ වෙතත් ශ්‍රීලනිප ලේකම් දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ අගමැතිවරයාට පරාජයට පත්කිරීමට ජනාධිපතිවරයාට හෝ ශ්‍රීලනිපයට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි. එජනිස ලේකම් මහින්ද අමරවීර මහතා ද ඊයේ පවසා සිටියේ රට අස්ථාවර කරන තීරණයකට එළඹීමට ශ්‍රීලනිපයට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට නොහැකි බවයි.
0 comments :
Post a Comment