චක්‍රලේඛය ආවොත් හෙටින් වර්ජනය අවසන්!

චක්‍රලේඛය ආවොත් හෙටින් වර්ජනය අවසන්!
ඊයේ විෂය භාර අමාත්‍ය කබීර් හෂීම් මහතා සමඟ පැවති සාකච්ජාවේදී යම් එකඟතාවකට පැමිණීමට හැකි වූ බවයි එම කමිටුව වෙනුවෙන් සම සභාපති එඩ්වඩ් මල්වත්ත මහතා සඳහන් කරන්නේ. මේ වන විට සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම මෙම වැඩවර්ජනය හේතුවෙන් අකර්මණ්‍ය වී ඇති නිසා කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස අමාත්‍යවරයාට බල කළ බව ඔහු ප්‍රකාශ කරයි.
 
මාසික හිලව් දීමනාව නොලැබීම, භාෂා ප‍්‍රවීණතා දීමනාව ගෙවීම පැහැර හැරීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්  දින 34ක් වැඩවර්ජනයේ නිරත විය. විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ඉල්ලා සිටි  35%ක් වන මාසික හිලව් දීමනාවෙන් 10%ක් මෙම මස හෝ ලබන මස වැටුප සමඟ ලබා දීමට හා ඊට අදාළ චක්‍රලේඛය අද  (3) නිකුත් කිරීමට අමාත්‍යවරයා එකඟ  වූ හෙයින් වැඩවර්ජනය අවසාන කළ හැකි බව පවසන මල්වත්ත මහතා අවධාරණය කරන්නේ අද (03) දින ඊට අදාළ චක්‍ර ලේඛය ඉදිරිපත් විය යුතු බවය.එම චක‍්‍රලේඛය නිකුත් වූ පසු වැඩවර්ජනය අවසන් කරන බවයි  ඔහු සඳහන් කරන්නේ. 
 
මෙම චක්‍රලේඛය හරහා සිය ඉල්ලීම් සම්පූර්ණයෙන් ඉටු නොවුණත් මාසයකට වැඩි කාලයක් විශ්වවිද්‍යාල අකර්මණ්‍ය වීම  නිසා වැඩවර්ජනය අවසන් කිරීමට උක්ත එකඟතාවට එළඹී බවයි මල්වත්ත මහතා පෙන්වා දෙන්නේ.
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment