නොරොච්චෝලේ අළු පාලනය කරන්න සුළං බාධකයක්!

නොරොච්චෝලේ අළු පාලනය කරන්න සුළං බාධකයක්!

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති එම ප්‍රදේශයේ වියළි කාලගුණික තත්ත්වය හමුවේ ආපදාවට පත්ව සිටින ජනතාවගේ ගැටලු පිළිබඳව සාකච්ජා කිරීමේ විශේෂ රැස්වීමේදීය.

පුත්තලම දිස්ත්‍රික්කයේ නියඟයෙන් පීඩා විඳි පවුල් 167,000ක් සඳහා රුපියල් මිලියන 485ක ආධාර මේ වන විට ලබා දී ඇති බව පවසන අමාත්‍යවරයා, දැනට ආධාර නොලැබූ පිරිස්වල තත්ත්වයන් සොයා බලා කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.

පානීය ජලය ලැබිය යුතු පවුල් 25,000ක් සඳහා පානීය ජලය මේ වන විට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්, පුත්තලම දිස්ත්‍රික් ලේකම් ඇතුළු පිරිසක් සහභාගී විය.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment