අලුත් අවුරුද්දෙන් පසුව සියලු පක්ෂ එකතුවෙන් රට ඉස්සරහට ගෙන යනවා - මහින්ද අමරවීර

අලුත් අවුරුද්දෙන් පසුව සියලු පක්ෂ එකතුවෙන් රට ඉස්සරහට ගෙන යනවා - මහින්ද අමරවීර

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියේ අද (09) අම්බලන්තොට නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවති ඉන්දියානු රජයේ ආධාර මත රුපියල් මිලියන 300ක පමණ මුදලක් වැයකර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට පාපැදි, මහන මැෂින් සහ උදලු තල බෙදා දීමේ උත්සවයකදීය. මෙම අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

"පසුගිය දවස්වල විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව. එහිදී කල්පනා කළා පක්ෂය තීරණය කළා වැඩි දෙනාගේ මතය අනුව කටයුතු කරන්න. ඒ අනුව අපි විසිපස් දෙනෙක් කල්පනා කළා මේකට විරුද්ධව හෝ පක්ෂව ඡන්දය නොදිය යුතුයි කියලා. මොකද මේ විශ්වාසභංගය ඉදිරිපත් වුණේ අග්‍රාමාත්‍යවරයාට පමණක් නොවේ. එය ඉදිරිපත් වුණේ රජයටත් විරුද්ධව. ඒ නිසා තමයි අපි 25 දෙනකු එක මතයක හිටියේ. නමුත් අපි 25 දෙනා ඒ මතයේ සිටියත් විශ්වාසභංගය ජයග්‍රහණය කරන්න බැහැ."

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ වර්තමානයේ ජනාධිපතිවරයා අතර ඇති මිත්‍රත්වය මත මෙවැනි ඉන්දියානු ජනතාවගේ මූලිකත්වයෙන් මෙම ආධාර ලැබෙන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. එසේම අනෙක් රටවලින් ණය ලැබෙද්දී ඉන්දියාවෙන් ලැබෙන සෑම දෙයක්ම පරිත්‍යාග ලෙස ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තුතිවන්ත වන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment