දුමින්ද සමග ඇතුළට ගිය දෙමටගොඩ චමින්දගේ මව ලක්ෂ 6ක කුඩු එක්ක අත්අඩංගුවට


භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවමට නියමවි බන්ධනාගාරයේ පසුවන පාතාල ලෝකයේ නායකයකු ලෙස සැලකෙන රවි ජයනාත් හෙවත්
දෙමටගොඩ චමින්ද නමැත්තාගේ මව රුපියල් ලක්ෂ 6ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 6ක් ද සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි.
සැකකාරිය 62 හැවිදිරි වියේ පමණ පසුවන තැනැත්තියකි.


හොරොයින් ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් 1,20,000 ක මුදලක්ද ඇය ළග නිබි සොයාගත් බව පොලිසිය කියයි. මෙම පාතාල නායකයාගේ මව හෙරොයින් ඡාවාරමක නිරතව සිටින බවට පොලිස් මන්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත එම කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි නිවස වටලා හෙරොයින් ද සමග ඇය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකාර කාන්තාව කාලයක සිට හෙරොයින් ජාවාරමේ නිරනව සිටි බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට තොරතුරු ලැබී තිබෙන බව පැවසේ. සැකකාරියට හෙරොයින් මන්ද්‍රව්‍ය විකිණීමට ගෙනවිත් දෙන පුද්ගලයන් හා තොරතුරු අනාවරණය කරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පුළුල් පරික්ෂණ පවත්වාගෙන යයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment