යහපාලනයේ ඉදිරියට එක නායකයයි - ඇමැති රාජිත

අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා යටතට බෙදී ගිය යහපාලන රජය ඉදිරියේදී එක් නායකයෙකු යටතේ ක්‍රියාත්මක වනු ඇති බව අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
රාජිත සේනාරතන පදනම සංවිධානය කරන ලද අවුරුදු අසිරිය වැඩසටහන අලුත්ගම නගර සභා ක්‍රීඩාංගණයේ
දී ඊයේ (08)

පස්වරුවේ පවත්වනු ලැබූ අවස්ථාවේ අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා -

“අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ දී අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අමාත්‍යවරුන්ට අමාත්‍ය මණ්ඩලයේ ඉන්න බැහැ. සාදාචාරයක් නැහැ. නමුත් එම ඇමැතිවරු අමාත්‍යධූරයේ ඉන්න උත්සාහ කරනවා. අග්‍රාමාත්‍යවරයා එපා කියනවා. එහෙම ඇමැතිවරු අමාත්‍ය මණ්ඩලයට අවශ්‍ය නැහැ. තිබෙන වරප්‍රසාද සහ අමාත්‍යධූර අත්හැරීමේ ආත්ම ශක්තිය තිබිය යුතුයි. රාජ්‍ය බලය තිබිය යුත්තේ ජනතාවට සේවය කිරීමටයි. අපේ මනුෂ්‍යකම ඉතා වැදගත් වුවත්, සේවය කිරීමේ දී බලය ඉතා වැදගත්. බලයෙන් කිසිවෙක් දුකට පත් වෙනවා නම් එම බලයෙන් වැඩක් නැහැ. යහපාලන රජයේ ඉදිරියේ දී එක් නායකයෙක් යටතේ එක් වැඩපිළීවෙළක් යටතේ ක්‍රියාත්මක වෙනවා.”
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment