මසුන් මැරීමට කලා ඔයට ගිය අයෙක් අභිරහස් ලෙස මියගිහින්


නිවාඩු ලබා පැමිණ මසුන් මැරීම සඳහා ගිය බව කියන කලා ඔයේ තිබී හමුවු යුද හමුදා සෙබළාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙස පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත්
ලහිරු එදිරිමාන්න මහතා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කර තිබේ.

මියගොස් ඇත්තේ සාලිය වැව පොලිස් වසමේ නිල බැම්ම ප‍්‍රදේශයේ පදිංචිව සිටි ලියනාරච්චිලාගේ ගාමිණි ජයරත්න (අවූ43) නම් අයෙකි. හෙතෙම කුරුණෑගල. මල්කඩුවාවේ පිහිටි

යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිට ඇත.පසුගිය 02 වැනිදා නිවාඩු ලබා කඳවුරේ සිට නිවසට පැමිණි ඇති මියගොස් ඇති අය 08 වැනිදා නැවත සේවයට වාර්තා කිරීමට නියමිතව තිබිණි.

05 වැනිදා දහවල් ඔහු මසුන් මැරීම සඳහා කලා ඔයට යන බව පවසා නිවසින් පිටත්ව ගොස් ඇත. නමුත් 06 වැනිදා සවස් වන තුරු ඔහු යළි නිවසට පැමිණ නැත. එදින සවස ඔහුගේ බිරිඳ මේ බව සාලිය වැව පොලීසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත.

පෙරේදා 07 පෙරවරුවේ ගම්වාසීන් සහ පොලිසිය එක්ව කරන ලද සොයා බැලීමකදී කලාඔයේ පාවෙමින් තිබූ මළ සිරුර හමු වී තිබේ. මළසිරුර තිබූ ස්ථානයට පැමිණි පුත්තලම අතිරේක දිසා විනිසුරුවරයා විසින් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන ලදී. මියගොස් ඇති අය සමග මසුන් මැරීම සඳහා කලාඔයට ගිය බව කියන ඔහුගේ මිතුරන් කීප දෙනකුගෙන්ද පොලිසිය ප්‍රශ්න කර ඇත. සාලිය වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චායා කුමාරසිංහ මහතා ඇතුළු නිලධාරින් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment