සමාජ ආර්ථික දේශපාලනයෙහි විප්ලවීය වෙනසක් කරමු

සමාජ ආර්ථික දේශපාලනයෙහි විප්ලවීය වෙනසක් කරමු

ජාතික ආණ්ඩුව එක් අර්බුදයක් නිසා තවත් අර්බුද රැසක් නිර්මාණය කරගෙන ඇත. ජාතික ආණ්ඩුවෙහි අවසානය යහපාලනය උදෙසා කැප වු පුරවැසි බලාපොරොත්තුව නොවුවත් රට පත්ව ඇති අරාජකත්වයට ජාතික ආණ්ඩුව හෝ ජාතික ආණ්ඩුවෙහි හවුල්කාර සිවිල් සංවිධාන නිශ්චිත විසදුමක් ලබාදීමට අපොහොසත් වීම නිසා ජාතික ආණ්ඩුවෙහි අනාගතයද නිශ්චිත නැත.

අද ජාතික ආණ්ඩුව යනු ජාතික උත්සව සංවිධානය කරන ආයතනයකි. ජාතික ආණ්ඩුව විසින් විවිධ ජාතික උත්සව සංවිධානය කරන අතර ජාතික නිදහස් උත්සවය, ජාතික අවුරුදු උත්සවය, ජාතික වෙසක් උත්සවය හා ජාතික නත්තල් උත්සවය ආදී උත්සව පවත්වනවා හැර ජාතික ආණ්ඩුව මෙරට ජාතික ගැටලු විසදීමට විසදුමක් යෝජනා කර නැත.

ජාතික ආණ්ඩුව බලයට පත්වන විට පොරොන්දු වු තිරසාර ජාතික සමගිය උදෙසා වු බලය බෙදීම වැනි සංකල්ප ඒකාබද්ධ විපක්ෂයේ නිරන්තර කකුලෙන් ඇදීම නිසා ආපස්සට ගෙන ඇති අතර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් ඇති වු කතිකාව අඩපන කොට ඇත. ඒකාබද්ධ විපක්ෂයට අනුව මෙය යහපාලන ජාතික ආණ්ඩුවක් නොව යමපාලන විජාතික ආණ්ඩුවකි.

සිවිල් සමාජය යෝජනා කරන පරිදි සර්ව පක්ෂ ජාතික ආණ්ඩුවක් නිර්මාණය නොවන්නට ජාතික ආණ්ඩුවෙහි ප්‍ර‍ධාන හවුල්කාර පක්ෂ දෙක අතර විරසකයක අවසන් වීමට නියමිතව ඇත්තේ රට ආපස්සට රැගෙන යන අරාජකත්වයකිනි. එම අරාජකත්වය සාමුහික සමාජයක් උදෙසා වු වාම ව්‍යාපාරයකට ජයගත හැකිය යන්න විප්ලවවාදී වාම අදහසයි.

සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂය විශ්වාස කරන්නේ සිවිල් සමාජය විසින් යෝජනා කරන සමාජ දේශපාලන ප්‍ර‍තිසංස්කරණ සහ විප්ලවීය වාමවාදීන් යෝජනා කරන සමාජ ආර්ථික ප්‍ර‍තිසංස්කරණ ක්‍රියාත්මක නොකර ආණ්ඩු මාරු කිරීමෙන් පවත්නා අරාජකත්වය ජය ගැනීමට නොහැකි බවයි. ඊට අවශ්‍ය විප්ලවීය ප්‍ර‍තිසංස්කරණ යෝජනා කිරීමට අපි ඉදිරියේ දී බලාපොරොත්තු වෙමු.

තුසිත බාලසූරිය
ලේකම්
සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment