2020 මැතිවරණයට ගෝඨාභය ඉදිරිපත් වුවහොත් පහසුවෙන් පරාජය කරන බව රාජිත පවසයි

2020 මැතිවරණයට ගෝඨාභය ඉදිරිපත් වුවහොත් පහසුවෙන් පරාජය කරන බව රාජිත පවසයි

වසර 2020 දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා හිටපු ආරක්ෂක ලේකම්වරයා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුවහොත් පහසුවෙන් පරාජය කළ හැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “වසර 2020 මැතිවරණයට ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වුවහොත් අපට පරද්දන්න පුලුවන් හොදම අපේක්ෂකයා ඔහුයි. මොකද ඔහුට සුලු ජාතික ඡන්ද ලැබෙන්නේ නැහැ, සිංහල ජන්ද විතරයි ලැබෙන්නේ. අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මාධ්‍ය හමුවක දී මම විවේචනය කර තිබුනා. සෞඛ්‍ය හොදට කරගෙන යන්නේ නැහැ කියලා. මම කියන්න කැමැතියි මගේ නායකත්වය යටතේ සිදු කරන සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට පිළිගෙන තිබෙනවා. ඩිලාන් පෙරේරා සෞඛ්‍ය ගැන දන්නේ නැහැ. ඊට වඩා මම කරන වැඩපිළිවෙල රටේ මිනිස්සු දන්නවා. කෙසේ වෙතත් ජාතික රජය ඉදිරියටම ගෙන යනවා. ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා අතර විරසකභාවක් නැහැ. එවැනි විරසකභාවයක් නිර්මාණය කිරිමට ඇතැම් අය උත්සාහ කරනවා. නමුත් එවැනි විරසකභාවයක් නැහැ.”

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment