කොහාගේ කීමට රත්තරන් දිනා දෙන E FM උදෑසන වැඩසටහන

මේ දිනවල සිංහල අලුත් අවුරුදු සමය වෙනුවෙන් තරමක අමුතු ආකාරයේ වැඩසහනක් හදුන්වාදීමට E FM උදෑසන වැඩසටහන කටයුතු යොදා තිබේ.  මෙහිදී වැඩසටහන් නිවේදකයා දන්වා සිටින දුරකථන අංකයකට
ඇමතුමක් ගන්නා තෝරාගත් අසන්නෙකුට වාසනාව උරගෑමේ අවස්ථාව උදාවේ.මෙම තෝරාගැනීම සමහර විට තෙැවනි ඇමතුම ට අවස්ථාව උදාකරන්නක් වියහැකි අතරම ඇතැම් විට 8 වන ඇමතුම ලබාදෙන්නාට විය හැකිය. ඉන් පසුව අසන්නා කළ යුත්තේ රුපියල් 5000 සිට ඉහළට දිනුම් ඇදීමට සම්බන්ධවීමයි. අසන්නා යෝජනා කරන මුදල අනුව තරගය තව තව ඉදිරියට යන අතර කොහා ඒ සෑම අවස්ථාවකම ඔහුට ඉදිරියට යන්න හැකිද බැරිද යන්න ගැන සිය දැනුම්දීම සිදු කරයි. කොහාගේ අනුමැතිය අනුව වැඩි මුදලක් උපයාගන්නට වාසනාවන්ත අසන්නා අවසානයේ සමත්වේ.
එම මුදලට සමාන වටිනාකමක් ඇති ස්වර්ණාභරණ මිලට ගන්නට රාජා ජුවලර්ස් මෙම වැඩ සටහනට අනුග්‍රහය දක්වයි.මෙම තරගයේ දිනා ඇති ස්වර්ණාභරණ තෑගි වටිනාකම 50000 හෝ 60000 වැනි ඉහළ අගයන්ද වේ.
මේ සමග පළවන්නේ වැඩසටහනේ අවස්ථා 2 කි.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment