
අද (20) උදෑසන මෙම රතු වරෙන්තුව නිකුත් කර ඇති අතර උදර්පණ නීතිය යටතේ අර්ජුන් මහේන්ද්‍රන් අත් අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට භාර දිය යුතු බවට එහි ප්‍රකාශිතව දක්වා ඇත.
ශ්‍රී ලංකාව රතු වරෙන්තුව දේශපාලන මෙවලමක් වශයෙන් භාවිතා කරන බවට ජාත්‍යන්තර පොලීසිය පූර්ව නිගමනයක පසුවිය. හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට භාර දීමට ඩුබායි ජාත්‍යන්තර පොලිසිය උත්සුක නොවූයේ ද මේ හේතුවෙනි. එහෙත් අර්ජුන් මහේන්ද්‍රන්ට අදාළ රතු නිවේදනය නිකුත් කිරීමේදී රටවල් අතර ක්‍රියාත්මක වන උදර්පණ නීතිය යටතේ ඔහුව ශ්‍රී ලංකාවට භාර දිය යුතු බව ප්‍රකාශිතව දක්වා තිබේ.
මීට දිනකිහිපයකට පෙර අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ ලිට්ල් ඉන්ඩියා ප්‍රදේශයේ සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයේ සැරිසරමින් පවතී. පහතින් දැක්වෙන්නේ එම ඡායාරූපයයි.
0 comments :
Post a Comment