හලාවත මුහුදේ ගිලෙමින් සිටි 5 දෙනෙකුගේ දිවි බේරා ගත් ගාල්ලේ තුවාන්


හලාවත මුහුදේ ගිලමින් සිටි පස් දෙනකු බේරා ගැනීමට ගාල්ලේ සිට පැමිණි තුවාන් මිහිරාජ් නැමති ගාල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු සමත් වෙයි. හලාවත පොලිසියේ සංවිධානයෙන් හලාවත මුහුදු වෙරළේ පැවති සිංහල හා හින්දු අලුත්
අවුරුදු උත්සවයට අනුග්‍රහය ලබා දීම සදහා ආයතනය නියෝජනය කරමින් තුවාන් ඊයේ (19) හලාවතට පැමිණ සිටියේය .

මුහුදේ ගිය කණ්ඩායම පොලොන්නරුවේ සිට පැමිණ ඇති අතර මුහුදු වෙරළේ දිය සෙල්ලම් කරමින් සිටින අතර තුර පැමිණි රළ පහරකට අසුව එක් අයෙකුගේ සෙරෙප්පුවක්

මුහුදට ගසා ගෙන යාමත් සමග සෙරෙප්පුවේ හිමිකරු එය ගැනීමට යාමේදී මුහුදට ගසා ගෙන ගොස් තිබේ. එහිදී අනෙක් පිරිසද මේ පුද්ගලයා බේරා ගැනීමට යාමේදී මෙම අනතුරට ලක්ව ඇත .

මේ සිදුවීම දුටු වහා ක්‍රියාත්මක වූ තුවාන් මිහිරාජ් මහතා මුහුදට පැන පිරිස බේරා ගෙන තිබේ. මෙහිදී තමන්ට තවත් අයෙකුගේ සහය ලැබුණු බව තුවාන් මහතා පැවසිය . මේ සිදුවීමෙන් පසු හලාවත මුලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතාගේ උපදෙස් පරිදි හලාවත පොලිසියේ නිලධාරීන් පිරිසත් මුහුදු වෙරළේ ආරක්ෂාවට යොදවා තිබිණි. මේ දිනවල මුහුද ඉතා රළු අතර මෙහි දියනෑමෙන් හා අනවශ්‍ය ලෙස විනෝද වීමෙන් වළකින ලෙස සදහන් දැන්වීම් පුවරු පවා යොදා තිබියදී වෙනත් ප්‍රදේශ වලින් මෙහි පැමි‍ණෙන ජනතාව මුහුදට බැසිම හේතුවෙන් මේ අනතුරු වලට ලක්වේ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment