ලග්න වාසනාවේ සුපිරි ජයමල්ලේ ජයග්‍රාහකයාට හා තවත් ලක්ෂපතියන් 21කට සංවර්ධන ලොතරැයියෙන් මුදල් තෑගි!

ලග්න වාසනාවේ සුපිරි ජයමල්ලේ ජයග්‍රාහකයාට හා තවත් ලක්ෂපතියන් 21කට සංවර්ධන ලොතරැයියෙන් මුදල් තෑගි!
 
ලග්න වාසනා 2284 වන වාරයේ  සුපිරි ජයමල්ල වූ රු.59,32,368 ක මුදල දිනාගෙන ඇත්තේ  නාවලපිටියේ  යූ ඩබ්. එන්. ටී. බණ්ඩාර මහතාය. බස් කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කරන බණ්ඩාර මහතා තමන් පසු කරගෙන යන සෑම ප්‍රධාන නගරයකින්ම ලොතරැයි පතක් මිලදී ගැනීම පුරුද්දක් කර ගත්තෙකි. සාමාන්‍යයෙන් තමන් මිලදී ගන්නා සෑම ලොතරැයියකටම පාහේ රු.100ක් හෝ ජයග්‍රහණය කරන හෙයින් කෙදිනක හෝ සුපිරි ජයමල්ලට හිමිකම් කීමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාස කර තිබේ. ඒ අනුව බණ්ඩාර මහතා දිනපතා පාහේ සංවර්ධන ලොතරැයි මිලදී ගෙන ඇත. 
 
ලග්න වාසනා සුපිරි ජයමල්ලේ මුදල් චෙක්පත බණ්ඩාර මහතා වෙත ප්‍රධානය කිරීම ඊයේ දින (15) සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් හා ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්.විමලසිරි මහතාගේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ්‍රයේදී සිදුව ඇත. 
 
මේ අතර තවත් දස ලක්ෂපතියන් 21 දෙනෙකුට මුදල් චෙක්පත් පිරිනැමීම ද එහිදී සිදුව තිබේ. 
 
 
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment