අළු අනාරක්ෂිතව මුදාහරින නොරොච්චොල පරිසර ආරක්ෂක බලපත්‍රය අලුත්කර නෑ


නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ පරිසර ආරක්ෂණ බලපත්‍රය කල් ඉකුත් වී වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් මේ වනතුරු එය අලුත් කර ගැනීමට එහි බලධාරින් කටයුතු කර නැතැයි වාර්තා වේ. මෙම මෙම බලාගාරයේ පරිසර ආරක්ෂණ බලපත්‍ර වාර්ෂිකව අලුත් කළ යුතුව ඇති බවත් මේ තරම් විශාල පරිසර
විනාශයක් සිදුවෙමින් පැවතියේ දි මේ පිළිබඳව පරිසරය භාර අමාත්‍යවරයා වන ජනාධිපතිතුමන් හෝ අනෙක් පරීසර බලධාරීන් හෝ සොයා නොබැලීම කණගාටුවට කරුණක් බවත් පරිසර විද්‍යාඥ හේමන්ත විතානගේ මහතා පෑවසීය.

බලාගාරයෙන් පිටවී සුළඟේ පාවෙන

අළු චිමිනියේ රඳවා පහළට හෙළන ඒකකය කැඩී තිබීම නිසා ඉකුත් පෙබරවාරි මාසයේ සිට බලාගාරයේ අලු ජලය සමග එක්කොට මුහුදට දමන බව ද අනෙක් පිරිපහදු ඒකක හතරම මේ වන විට කැඩි ඇති නිසා සියලු අපද්‍රව්‍ය පිරිපහදු කිරීමකින් තොරව මුහුදට හෙළන බවක් හෙළිවී ඇති බවද විතානගේ මහතා පැවැසීය.
මේ තත්ත්වය යටතේ බලාගාරය අවට මුහුදේ වර්ග කිලෝ මීටර් සියයකට අධික වපසරියක් දැඩි පරිසර දූෂණයකට ලක් වී ඇතැයි ද ඔහු සඳහන් කළේය. මුහුදු මසුන් හා කොරල්පර මේ හේත්තුවෙන් දැඩි විනාශකාරි අවදානමකට මුහුණ දී සිටින බව ද විතානගේ මහතා කීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment