ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි, දුමින්ද අමරවීර හැලෙයිද?

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි, දුමින්ද අමරවීර හැලෙයිද?

ශ්‍රීලනිපය තවදුරටත් යහපාලන ආණ්ඩුවේ රැඳී සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී අවසන් තීරණයකට එළඹීමට නියමිතය. පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායම දිගින් දිගටම ජනාධිපතිවරයාට බලපෑම් කරන්නේ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත යුතු බවයි.

ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සහ එජනිස මහ ලේකම් මහින්ද අමරවීර මහතා අදාළ ධුරවලින් ඉවත් කිරීම සඳහා 16 කණ්ඩායම දැඩි උත්සාහයක් ගනිමින් සිටින අතර අද පැවැත්වෙන රැස්වීමේදී ඒ පිළිබඳව අවසන් තීරණයකට එළඹෙන බවයි 16 කණ්ඩායම සඳහන් කරන්නේ. ඔවුන් දෙදෙනා ඉවත් කළ යුතු බවට යෝජනාවක් ගෙන ඒමට එම කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටී.

16 කණ්ඩායමේ බලාපොරොත්තු වී ඇත්තේ මහ ලේකම් තනතුරු ද්විත්වය තමන් වෙත ලබාගනිමින් ඒ හරහා ආණ්ඩුවෙන් ඉවත්වීමට පක්ෂයේ බහුතරය එකඟ වන තීන්දුවක් ගැනීමයි.

UN

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment