ප්‍රභාකරන් වෙනුවෙන් ශෝක දිනය අනුමත කළ රාජිතට විවේචන


එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය මැයි 18 වනදා උතුර පළාතේ ශෝක දිනයක් ලෙස
නම් කිරීම රජයට ගැටළුවක් නොවන බවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ 17

සිදුකළ  ප්‍රකාශය මේ වනවිට දේශපාලන ක්ෂෙත්‍රයේ ආන්දෝලනයක් ඇති කර තිබේ.


 මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ
‘රණවිරුවන් අධිකරණයට රැගෙන යාමේ කටයුත්තට ආණ්ඩුවේ එකඟතාව මේ තුළින් ලැබී තිබෙනවා‘

මන්ත්‍රි උදය ගම්මන්පිල
‘ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩ ලබාදිය යුතුනම් ඊට පෙර සියලූ බන්ධනාගාරවල සිටින සිරකරුවන්ට නිදහස
ලබාදිය යුතු යි.‘

මන්ත්‍රී විජිත හේරත්
‘ජනතා විමුක්ති පෙරමුණේ අතීත ක්‍රියාවලිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයට
සමාන කරමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ සිදුකළ ප්‍රකාශය හෙළා දකිනවා.
ඒ අනුව ජේ.ආර්. ජයවර්ධන සහ රාජිත සේනාරත්න ඇතුලූ පිරිස අතීතයේදී තම පක්ෂය තහනම් කිරීමට
කටයුතු කළ බව ඔප්පුවෙනවා. ප්‍රා සංවිධානය හරහා මිනිමරු කල්ලි මෙහෙයවීමේ කටයුත්ත රාජිත සේනාරත්න අමාත්‍යවරයා සිදුකළ බව අපි දන්නවා‘

ආන්දෝලනය ඇති කළ කතාවේ විඩියෝව පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment