දින 16 වර්ජනය නිසා තැපෑල යථා තත්ත්වයට ගන්න දින 3 ක් වත් යාවි


‍ලබන 30 වන දින විට තැපෑලේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

දින 16ක් පුරා පැවති තැපැල්
සේවකයින්ගේ වැඩවර්ජනය හේතුවෙන් ඇණ හිට තිබූ තැපෑලේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

වැඩවර්ජනය හේතුවෙන් ගොඩගැසී තිබූ ලිපි බෙදා හැරීමේ කටයුතු

ඊයේ (27) දිනයේ සිට ආරම්භ කර තිබේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල තුළ පමණක් කිලෝ ග්‍රෑම් 25,000කට අධික තැපැල් භාණ්ඩ ප්‍රමාණයක් ගොඩගැසී තිබූ අතර එම තැපැල් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ කටයුතු ඊයේ දිනයේ සිට ලොරි රථ 06කින් අඛණ්ඩව සිදුකරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ගොඩගැසී ඇති ලිපි සහ භාණ්ඩ ඉදිරි දින  දෙක තුළ බෙදා අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කලේ ඒ සදහා මේ වන විටත් සියලු තැපැල් සේවකයින් කැපවී කටයුතු කරන බවයි.

වැඩවර්ජනයන අවසන් කළද සිය ගැටලු වලට අවසන් විසදුම ලැබෙන තුරු අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සහ අඛණ්ඩ උපවාසය නතර නොකරන බවයි චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment