පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 16 වටයට තේරුණ රටවල් හා ඉදිරි තරග පැවැත්වෙන හැටි



 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ තරග අද සිට ආරම්භ වේ. එම තරග රුසියාවේ ක්‍රීඩාංගණ 8කදී පැවැත්වේ.

රටවල් 32 ක් කාණ්ඩ 8 ක් යටතේ පසුගිය 14 වැනිදා ලෝක කුසලාන තරග බිමට පිවිසි අතර එම කාණ්ඩ අතුරින් කණ්ඩායම් 2 බැගින් තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

A කාණ්ඩයෙන් උරුගුව හා සත්කාරක රුසියාව ද , B කාණ්ඩයෙන් ස්පාඤ්ඤය හා පෘතුගාලය ද , C කාණ්ඩයෙන් ප්‍රංශය හා ඩෙන්මාර්කය ද , D කාණ්ඩයෙන් ක්‍රොඒෂියාව හා ආර්ජන්ටිනාව ද මෙවර තරගාවලියෙන් අවසන් 16 දෙනා අතරට සුදුසුකම් ලබා ගත්තේය.

තරගාවලියේ අවසන් 16 දෙනා අතරට E කාණ්ඩයෙන් සුදුසුකම් ලැබුවේ බ්‍රසීලය

හා ස්වීට්සර්ලන්තයයි.

F කාණ්ඩයෙන් ස්වීඩනය හා මෙක්සිකෝව , G කාණ්ඩයෙන් බෙල්ජියම හා එංගලන්තය H කාණ්ඩයෙන් කොලොම්බියාව හා ජපානයයි සුපිරි 16 වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ලොව ප්‍රධාන පෙලේ කණ්ඩායම් කෝඩුකාර පාපන්දු කණ්ඩායම් හමුවේ පසුබෑමකට ලක්වීම හේතුවෙන් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙත බොහෝ පාපන්දු ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානය යොමුවිය.

ප්‍රබල ආර්ජන්ටිනාව, බ්‍රසීලය , ඊජිප්තුව , ජර්මනිය වැනි කන්ඩායම් මෙවර තරගාවලියේදී දැඩී පීඩනයකට ලක්වූවත් අවසන් මොහොතේ තරගාවලියේ අවසන් 16 දෙනා අතරට පිවීසීමට සමත්වුණේ ආර්ජන්ටිනාව හා බ්‍රසීලය පමණි.

සුපිරි 16 දෙනාගේ තරග වටය ආරම්භ කරමින් ප්‍රංශය හා ආර්ජන්ටිනාව අද තරග බිමට පීවීසීමට නියමිත ය.

මීට අමතරව බ්‍රසීලය , මෙක්සිකෝවත් සමග ද , බෙල්ජියම ජපානයත් සමග ද , ස්පාඤ්ඤය රුසියාවත් සමග ද , ක්‍රොඒෂියාව ඩෙන්මාකයත් සමගද , ස්වීඩනය ස්වීට්සර්ලන්තයත් සමග හා කෙලොම්බියාව එංගලන්තය සමගත් සුපිරි 16 දෙනාගේ වටයේදී තරග බිමට පිවිසේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment