ගැස් අඩුවුණ නිසා ලන්ච් පැකට් සහ ටී මිල පහළට


ඊයේ සිට රජය විසින් ගෑස් මිල පහළ දැමීමට සාපේක්ෂව තේ කෝප්පයක් අලෙවි කරන මිල හා කෑම පැකට්ටුවක මිල අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ජාතික

සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ සිය සංගමය රැස්වී තේ එකක මිල රුපියල් 5 කින් හෝ කෑම පැකට්ටුවක මිල රුපියල් 10 කින් අඩු කිරිමට පියවර ගන්නා බවය.
කෙසේ වෙතත් ක්ෂණික බේකරි ආහාර හා පාන් මිල පිළිබද විමසීමේදී සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පැවසුවේ මීට පෙර ගෑස් මිල ඉහළ දැමු අවස්ථාවේ කිසිඳු නිෂ්පාදනයක මිල වැඩි නොකළ බැවින් මෙවර ගෑස් මිල පහළ දැමු අවස්ථාවේ නිෂ්පාදනවල මිල පහළ දැමීමක් සිදු නොවන බවය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment