කන්දට බර වැඩිවේ : විල්ෂෙයාර් කඳුයායේ ගස් 300 ක් කපයි.



මාතලේ ප්‍රදේශයේ කඳු මුදුනක පිහිටි ගස්‌ 300 ක්‌ ඒවා කන්දට බර වැඩි නිසා කපා දැමුවැයි කියන සිද්ධියක් සම්බන්ධව ඉකුත්දා මාතලේ දිසා ලේකම් කාර්යාලයේ පැවති මාතලේ දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ රැස්‌වීමේදී අනාවරණය විය.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්‌වීමේදී කතා කළ මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල හේන්දෙනිය මහතා කියා සිටියේ මාතලේ නගරයට ඉහළින් තියෙන විල්ෂෙයාර් කඳුයායේ පෞද්ගලික ඉඩමක ගස්‌ 300 ක් පසුගියදා කපා දමා ඇති බවයි.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ හේන්දෙනිය මහතා,

ඒ ගස්‌ කන්දට බර වැඩි බව අදාළ අංශවලට දන්වලයි මේ වැඩේට අවසර අරගෙන තියෙන්නේ. මේක මහා පුදුමාකාර හේතුවක්‌. හැබැයි ඒකට අවසර දීලා. මේ ගස්‌ කැපීම නිසා කන්ද පහළට පාත් වෙන්න පුළුවන් යැයි පැවසීය.

මේ අතර මාතලේ ප්‍රාදේශීය ලේකම් පී. එල්. පී. මධුවන්ති මහත්මිය කියා සිටියේ ඇයටද එම ගස් කන්දට බර වැඩි හෙයින් කපා දැමූ බව වාර්තා වූ බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment