පාසල් දැරියකගේ ඉල්ලීමට ජනපති 8දා බණ්ඩාරවෙල මැදි මහ විදුහලේ සංචාරයක


බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ 9 ඒ ශේ්‍රණියේ ඉගෙනුම ලබන නෙත්මිණි විද්‍යානි ලියනගේ දියණියගේ ඉල්ලීමක් පරිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ මස 8 වැනිදා එම විද්‍යාලයේ සංචාරයක නිරත
වෙයි. අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වන

මේ උත්සවය පෙරවරු 9.00ට එම විද්‍යාලයේදී ආරම්භ වෙයි.

විද්‍යාලයීය නව තෙමහල් ගොඩනැඟිල්ල විවෘත කිරීම හා විවිධ තරග ජයග්‍රහණය කළ ළමයින්ට ත්‍යාග ප්‍රදානයද මෙහිදී සිදුකෙරේ.

උෟව පළාත් ආණ්ඩුකාර ආරිය බී. රැකව, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, විදුලි සන්දේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ සේවා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

ඇටම්පිටිය - රත්න වීරසිංහ


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment