මින්පසු සැකකරුවන් එහෙ මෙහෙ ගෙන යන්නේ ‘ජවසම්පන්න’ බන්ධනාගාර නිලධාරීන් එක්ක පමණලු


අධිකරණ වෙත ගෙනයන සැකකරුවන්ට හා සිරකරුවන්ට ආරක්ෂාව සැලසීම සඳහා ජවසම්පන්න තරුණ බන්ධනාගාර නියාමක නිලධාරීන් පමණක් යෙදවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.


අනපේක්ෂිත අවස්ථාවන්හිදී පලායෑමට තැත් කරන රැඳවූවන් මෙල්ල කිරීමට ඇති හැකියාව හා එකී රැඳවූවන්ට එල්ල වන අනපේක්ෂිත මැර ප්‍රහාර වැළැක්වීමට ජවසම්පන්න තරුණ බන්ධනාගාර නියාමක නිලධාරීන්ට ඇති හැකියාව පිළිබඳව සලකා බලා එම තීරණය ගෙන තිබේ.

තරුණ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව ඔවුන් වෙනුවෙන් එසේ යොදවන අතරතුර ඔවුන් වෙනුවෙන් අධිකරණවල සිදු කෙරෙන ලියකියවිලි සම්බන්ධ කටයුතු සඳහා බන්ධනාගාර ජේ‍යෂ්ඨ නියාමක නිලධාරීන් යෙදවීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇත.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතාගෙන් විමසීමේදී කියා සිටියේ පසුගියදා බද්දේගම අධිකරණයෙන් සැකකරුවන් හය දෙනකු පැනයෑමේ සිද්ධිය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම පියවර ගැනීමට අදහස් කර ඇති බවත් එසේ ආරක්ෂාව සඳහා යෙදවීමට බලාපොරොත්තු වන නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබාදීමටද අවධානය යොමුව ඇති බවත්ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment