නවක වදය ගැන කියන්න APP එකක්.




විශ්වවිද්‍යාල නවකවදය මේ වන විට අශිෂ්ට, අශීලාචාර, අමානුෂික ක්‍රියාවක් බවට පත්ව තිබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මෙම තත්ත්වය විශ්වවිද්‍යාල බලධාරීන්ට හෝ පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බවත්, නවකවදය ලබාදෙන කණ්ඩායම් සංවිධානාත්මක අපරාධ කල්ලි ලෙස හැසිරීම හේතුවෙන් මේ පිළිබඳ පැමිණිලි ලැබීමද ඉතා සීමිත බවද හෙතෙම පවසා සිටියේය.

මේ අනුව ජංගම දුරකථන නව යෙදුමක් (App) හඳුන්වා දී තිබෙන බවත්, මෙම යෙදුම මගින් අදාළ පැමිණිලි කළ හැකි බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

මෙම ක්‍රමය මගින් නවකවදය නවතා දැමීමට නොහැකි වුවහොත් මීට වඩා වැඩපිළිවෙළක් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන බවද ජංගම දුරකථන යෙදුම (App) හඳුන්වා දීම වෙනුවෙන් අද (06දා) පැවැති වැඩසටහනකදී හෙතෙම සඳහන් කළේය.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment