
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසක් වෙඩි තබා සහ පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා ලබන ජූලි 03 තෙක් යළිත් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ කළහකාරී තත්ත්වයක් යුද හමුදාවෙන් පාලනය කිරීමෙන් පසු මධ්‍යම රාත්‍රී බන්ධනාගාරයට තුළට ගොස් නම් කතා කර සැකකරුවන් තෝරාගෙන මරා දමන ලදැයි රහස් පොලිසිය මේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි. පරීක්ෂණවලට අදාලව තවත් 12 දෙනකුගේ දුරකතන විස්තර ලබාගැනීමට අවශ්‍ය බව රහස් පොලිසිය ඉල්ලීමක් කළ අතර මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබා දුන්නේය.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment