අවුරුදු පහක් තිස්සේ කුවේට්හි දුක් විඳ නැඟණිය ඉපයු ලක්ෂ විස්ස අක්කා අනියම් සැමියාට දීලා


වසර පහක් මැදපෙරදිග සේවයේ නිරත වී ලංකාවේ පදිංචිව සිටින වැඩිමහල් සහෝදරියට එවූ රුපියල් විසි ලක්ෂයක පමණ මුදලක් ඇය අනියම් සැමියාට ලබාදීම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් මත වංචනිකව මුදල් ලබාගත් බව කියන පුද්ගලයා
අත්අඩංගුවට ගෙන තිබේ.

 වයස අවුරුදු 37ක් පමණ වන අවිවාහක මුස්ලිම් ජාතික කාත්තාව වසර පහක් තිස් කුවේටයේ දුක් විදිමින් උපයාගත් මුදල අනුරාධපුර කඩ තිහ ප්‍රදේශයේ පදිංචිව සිටින සහෝදරීගේ ගිණුමට බැර කර තිබේ. ඇය එම මුදල් අවශ්‍ය පරිදි වියදම් කිරීමට අනියම් සැමියාට ලබාදී තිබෙන බව පොලිසිය පැවසුවේය.පැමිණිලිකාරීය මීට සති කිහිපයකට පමණ ඉහතදී විදේශයේ සිට ලංකාවට පැමිණ ඇත. සිය සහෝදරියට එවූ මුදල් කොපමණ ඇත්දැයි විමසු එම අවස්ථාවේ කිසිදු මුදලක් ඇය සත්තකයේ නැති බව පැවැසීම නිසා මුදල්වලට වූයේ කුමක්දැයි විමසා තිබේ.


 එම මුදල් වියදම් වූ බව පැවැසීම නිසා ඇය එතරම් මුදලක් වියදම් කරනු ලැබුවේ කුමකටද යන්න අනාවරණය කර ගැනීමට අනුරාධපුර පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණාය. විමර්ශනවලදි පැමිණිලිකාරියගේ අක්කාගේ බැංකු ගිණුමට අයත් ස්වයංක්‍රිය හර කාඩ්පත ඇය අනියම් සැමියාට ලබාදී ඇත. ඔහු රිසිසේ රුපියල් ලක්ෂ විස්ස වියදම් කර තිබෙන බව පොලිසිය පැවැසුවේය. ඔහු සිය අනියම් බිරිය සමඟ විනෝද චාරිකා යාමට, ඔහුගේ මිතුරන් සමඟ විනෝද වීමට, මත්පැන් පානය කිරීමට මුදල් වියදම් කර ඇති බවත් එම මුදලින් මෝටර් රථයක්ද ලබාගෙන ඇති බව පොලිසිය පැවැසුවේය.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එම මුදල් ස්වයංක්‍රිය හරපත යොදාගෙන ලබාගත් බව පොලිසියට දන්වා තිබූ ඔහු මුදල් ලබාගන්නා ආකාරය බැංකු ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබෙන බවත් පොලිසිය පැවැසුවේය. සිය බාල සහෝදරිය අනියම් සැමියාට එරෙහිව අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිලි කිරීමේන් උරණ වූ සහෝදරිය ඇය නිවෙසින්ද පන්නා දමා ඇත. නැවතත් විදේශ ගතවනතුරු එහි රැදී සිටීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් ඇය නැවතත් 20 වැනිදා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

පැමිණිලිකාර අවිවාහක මුස්ලිම් ජාතික තරුණිය වසර පහක් තිස්සේ කුවේට්ටයේ ස්ථිර රැකියාවක් නොමැතිව විවිධ ස්ථානවල පිහිටි නිවෙස්වල වැඩ කරමින් මෙම මුදල උපයා ලංකාවට එවා තිබෙන බව පොලිසිය පැවසුවේය. පැමිණිලිකාරියගේ සහෝදරියගේ සැමියා ඇවිදීමට නොහැකිව එක්තැන්ව සිටින නිසා ඇය අනියම් පුරුෂයා සමඟ කල්ගත කරන බව පොලීසිය අනාවරණය කරගෙන තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment