ටිකට් වෙනුවට ආ "ටච් කාඩ්" ක්‍රමය තනි බොරුවක්


පෞද්ගලික බස්රථවල මුදල් සගවා ටිකට් පත් ලබාගැනීම වෙනුවට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් හඳුන්වාදී ඇති පෙරගෙවුම් කාඩිපත් මිලදී ගත් මගීන්ට කාඩ්පත් සාක්කුවේ දමාගෙන මුදල් ගෙවා බස්රථවල ගමන් කිරීමට සිදුවි ඇතැයි මගීහු මැසිවිලි නගති.

බස්නාහිර පළාත පුරා ආරම්භක පියවරක් වශයෙන් හඳුන්වා දුන් බොහෝ මාර්ගවල මෙම පෙර ගෙවුම් කාඩ්පත් සඳහා වන ටිකට් යන්ත්‍ර බොහෝ බස්රථවල දක්නට නැතැයිද තිබෙන ඒවා ක්‍රියාවිරහිතවී ඇතැයිද මගීහු පවසති. ඉකුත් කාලය පුරාම බස්රථ තුළ දී මෙම පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය හඳුන්වා දෙමින්

නොමිලයේ කාඩ්පත් ලබාදීම වට්ටම් මෙන්ම රීලෝඩ් පවා ලබාගැනීම පහසුකම් සලසා තිබු බව ද මගීහු පෙන්වා දෙති. රුපියල් 300ක් ගෙවා මිට වසර තුනකට පමණ පෙර ලබාගත් මම පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය හයිලෙවල් පාරේ මාර්ග අංක 122, 138 බස්රථවල ක්‍රියාත්මක වුව ද මේ වනවිට එය මුළුමනින්ම අසාර්තකවී ඇතැයිද ඔවුහු කියා සිටිති.
මේ පිළිබඳව බස්නාහිර පළාත මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ සභාපති සසික කුලසේන මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ මෙම වැඩපිළිවෙළ ජාතික වැඩසටහනක්
ලෙස ළඟදීම මුළු රටපුරා ක්‍රියාත්මක කරන බවය. ඡාතික ගමනාගමන කොමිසම, ශ්‍රී ලංගම හා අන්තර් පළාත් බස් සංගම්
හා මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ද ඒ අනුව ඉදිරියේදී මුදල් ගෙවා බස්රථවල ගමන් කිරිමේ වැඩ පිළිවෙළ මුළුමනින්ම නතර කරන බව ද සභාපතිවරයා කීය. අත්හදා බැලීමක් ලෙස මෙය මුලින්ම බස්නාහිර පළාත තුළ ආරම්භ කර මගී ජනතාව දැනුවත් කළ බව ද මම වැඩ පිළිවෙළ කිසිසේත් නතර කර නොමැති බව ද ඔහු කීවේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment